කටුනායක ගුවන් තොටුපල දෙවන පර්යන්තයේ ඉදිකිරීම් නැවත අරඹයි.

කටුනායක ගුවන් තොටුපල දෙවන පර්යන්තයේ ඉදිකිරීම් නැවත අරඹයි...

පසුගිය දා රට තුල ඇතිවූ ආර්ථික අවපාතය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලදී. රට ආර්ථික වශයෙන් බංකොලොත්  බවට ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ජපාන ජයිකා ආයතනය විසින් මෙම දෙවන පර්යන්තයේ ඉදිකිරීම් සඳහා ලබා දුන් ණය මුදල් නවතා දැමීම මෙම ඉදිකිරීම් නැවතීමට හේතුව විය.

නමුත් මේ වනවිට රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සාකච්ඡා කරමින් පවතින අතර එහි ප්‍රතිඵලය ලැබෙන තෙක් නොසිට ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ මුල්‍ය ප්‍රතිපාදන වැයකර දෙවන පර්යන්තයේ අත්‍යාවශ්‍ය ඉදිකිරීම් කටයුතු  පසුගිය 20 දින ආරම්භ කෙරිණ. මෙම ඉදි කිරීම් කටයුතු ජපාන ගුවන්තොටුපල උපදේශන සමාගමේ (JAC)  අධීක්ෂණය යටතේ සිදු කෙරෙන අතර ඉදි කිරීම් කටයුතු ශ්‍රී ලංකාවේ ඇක්සස් සමාගම විසින් සිදු කරනු ලබයි.

  මෙම කටයුතු සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම  විසින් වැය කරන අතර ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා. අමාත්‍යාංශ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්‍ර ,ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි යන මහත්වරුන් ද ඉදිකිරීම් උපදේශන සමාගමේ නිලධාරීන් ද ,ඉදිකිරීම් සමාගමේ නිලධාරීන් ද සහභාගි විය .