ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මිලියන 400ක වියදමකින් යුතුව ඉදිකරන ලද නව මධ්‍යම ගබඩා සංකීර්ණය විවෘත කරයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මිලියන 400ක වියදමකින් යුතුව ඉදිකරන ලද නව මධ්‍යම ගබඩා සංකීර්ණය විවෘත කරයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මිලියන 400ක වියදමකින් යුතුව ඉදිකරන ලද නව මධ්‍යම ගබඩා සංකීර්ණය අද දින (31) වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් විවෘත කෙරිණි. කොළඹ වරාය පරිශ්‍රයෙන්  දිවෙන කුළුණු මත ඉදිකෙරෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් නිසා ඉවත් කෙරුණු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මධ්‍යම ගබඩාවට විකල්පයක් ලෙස මෙම මහල් 04 කින් යුත් ගබඩා සංකීර්ණය ඉදිකල අතර එහි ධාරිතාව වර්ග මීටර් 4000ක් පමණ වේ. මෙම මධ්‍යම ගබඩා සංකීර්ණය විවෘත වීමෙන් පසු විවිධ උපකරණ හා භාණ්ඩ නිකුත් කිරීමේදී වැය වන කාලය අවම කර ගැනීමට හැකි වන බව ශ්‍රි ලංකා වරාය අධිකාරිය පවසයි. 
 

මෙම අවස්ථාවේ සිය අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ “රටේ ඉදිරි සංවර්ධනය සඳහා නව ඉදිකිරීම් අවශ්‍ය බවයි. එවැනි කටයුතු සම්බන්ධයෙන් නොයෙක් අදහස් විවේචන තිබිය හැකි වුව ද, ඒ ඕනෑම විවේචනයක් දරා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජයට හැකියාව පවතින බවද ඔහු ප්‍රකාශ කලේය. ඒ මෙම රජය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශ්වාසය තබා ඇති රජයක් ලෙසය. එමෙන්ම, වෘත්තීය සමිති සමග දීර්ඝ කාලයක් වැඩ කොට ඇති තමන්ට වෘත්තීය සමිතිවල අදහස් හා උදහස් දරා ගැනීමට හොඳ හැකියාවක් ඇති බවත් ඔවුන් පෙන්වා දෙන ධනාත්මක අදහස් හා යෝජනා ඉතා කැමැත්තෙන් භාරගන්නා බවත්, අනෙක් කාලෝචිත නොවන යෝජනා බැහැර කිරීමට පැකිලෙන්නේ නැති බවත්, අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කෙරිණි.
මේ අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්-කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති-කීත් ඩී. බර්නාඩ්, උප සභාපති - ගයාන් අලගියවත්තගේ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) ලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළුව අධ්‍යක්‍ෂවරුන්, කොට්ඨාශ ප්‍රධානීන්, විධායක නිලධාරීන්, සේවක මහත්මීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.