ශ්‍රී ලංකා වරාය අධිකාරියට වසර 38 ක් පිරීම සංකේතවත් කරමින් විශ්‍රාම ලැබූ සේවකයින් පිරිසක් සඳහා උපහාර තිළිණ ප්රදානය කිරීමේ උත්සවයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිදහස් සේවක සංගමයේ සංවිධානත්වයෙන් හා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයෙහි ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කියා සිටියේ වසර ගණනාවක සිට වෘත්තීය සමිති සටන් කළ ප්‍රධාන කාරණා දෙකක් ඉෂ්ට කරදීමට තමා ක්‍රියා කළ බවයි. ඒ අනුව මෙතෙක් සේවයෙන් විශ්‍රාම යන වයස අවුරුදු 58 සිට 60 දක්වා වැඩිකිරීමටත් “පිය පුතු සේවක වරප්‍රසාද” යටතේ පියා සේවයෙන් විශ්‍රාම යන අවස්ථාවේදී එම සේවකයාගේ දරුවෙකුට රැකියාවක් ලබාදීමේ අයිතිවාසිකමද ලබාදීමට කටයුතු කරන අතර මෙම වරප්‍රසාද දෙකම ලබන අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක කරන බව පැවසීය.
ඡයාරූපයේ දැක්වෙන්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අතින් විශ්‍රාමික සේවකයෙකු තිළිණ ලබාගන්නා මොහොතයි.
මෙම උත්සව අවස්ථාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් සහභාගී විය.