කොළඹ අගරදගුරු රංජිත් හිමිපාණන් වහන්සේගේ විශේෂ ඉල්ලීමකට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මැතිතුමා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් පර්චස් 06 ක බිම් කොටසක් අද (22) පෙරවරුවේ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේගේ වෙත පිරිනමන ලදි.
කොටහේන, කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති මෙම අවස්ථාවට මෙරට පැමිණ සිටින අති උතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිතවරයෙකු වන කාදිනල් ෆර්නෑන්ඩෝ පිලෝනි හිමිපාණන් වහන්සේ ඇතුළු මෙරට ප්රමුඛ පෙළේ අමාත්‍යවරුන් රැසක් සහභාගී වූහ.