කොළඹ වරාය පරිශ්‍රයේ ඊයේ හටගත් ගින්න එහි නැගෙනහිර පර්යන්තයේ ඇති වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල දක්නට ලැබිණ. එහෙත් එය නිවැරදි නොවේ. ඊයේ පස්වරු 1යි 30ට පමණ හටගත් එම ගින්න ඇති වූයේ කොළඹ වරාය පරිශ්‍රයේ හයිහුන්ඩායි පෞද්ගලික වැඩබිමේය. එම වැඩ බිමේ ගොඩගසා තිබූ භාවිතයෙන් ඉවත් කළ රබර් නළ අට්ටියක් ආශ්‍රිතව එම ගින්න ඇති විය. එම රබර් නළ මුහුදේ සිට ගොඩබිමට වැලි පොම්ප කිරීම සඳහා යොදා ගනී.
ගින්න ඇති වූ වැඩබිම පිහිටා තිබෙන්නේ කොළඹ වරායේ නෞකා මෙහෙයුම් සීමාවෙන් පිටතය. ගින්න හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දෛනික මෙහෙයුම්වලට හෝ කොළඹ වරායේ පර්යන්තවල දෛනික මෙහෙයුම්වලට හෝ කිසිදු බාධාවක් සිදු වූයේද නැත. ගින්න හේතුවෙන් කොළඹ වරායේ දේපොළවලට වූ හානියක් හෝ පුද්ගල හානියක් හෝ වාර්තා නොවේ. ගින්න නිවා දැමීම සඳහා කොළඹ වරාය පරිශ්‍රයේ සියලු අංශ සක්‍රීයව ක්‍රියා කළේය. ගින්න සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද වෙනම පරීක්ෂණයක් අරඹයි.