2015 වසර සමග සැසඳීමේදී 28%ක බහාලූම් හැසිරවීමේ වර්ධනයක් ලබාගනිමින් කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය (CICT) 2016 වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන් වන වසර තුළදී බහාලුම් මිලියන 02 ක් හැසිරවීමට සමත්ව තිබේ.
මෙම දායකත්වය හේතුවෙන් කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය මෙහෙයුම් කටයුතු ආරම්භ කළදා පටන් පසුගිය වසර තුන තුළදී කොළඹ වරාය පිට පිටම වර්ධනයක් ලබාගැනීමට සමත්වූ බව සමාගම පවසයි.
මෙම සංධිස්ථානාත්මක වර්ධනය පිළිබඳව අදහස් දක්වමින් CICT සමාගම පවසන්නේ කොළඹ දකුණු බහාලූම් පර්යන්තයට පමණක් හැසිරවීමේ හැකියාව තිබෙන බහාලුම් ප්‍රවාහනයේ අති විශාල නෞකා (ULCC) සහ සුවිශාල නෞකා (VLCC) 2016 වසරේ පර්යන්තය හැසිරවූ මුළු පරිමාවෙන් 70%ක් නියෝජනය කළ බවයි.
2016 වසරේදී සමස්ත කොළඹ වරාය ලබා ඇතැයි ඇස්තමේන්තු කරන 11%ක වර්ධනය සඳහා කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය මගින් සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබෙන බව සමාගම පවසයි. දැවැන්ත පරිමාණයේ නෞකා වලින් ප්‍රවාහනය කරන බහාලූම් හැසිරවීමේ හැකියාව තිබෙන දකුණු ආසියාවේ පළමු සහ එකම ගැඹුරු මුහුදු පර්යන්තය වන්නේ CICT පර්යන්තයයි.
“කොළඹ වරාය විසින් ලබාගෙන තිබෙන සමස්ත වර්ධනයට කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ සාර්ථකත්වය ප්‍රධාන සාධකයක් වී තිබෙනවා. ” යනුවෙන් CICT සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, රේ රෙන් මහතා පැවසීය. ‘‘2016 වසරේදී CICT පර්යන්තය විසින් කොළඹ වරායට කැඳවාගත් අලුත් නෞකා පිළිබඳව අප අතිශය සතුටු වෙනවා. ඒ වගේම කොළඹ වරායේ සමස්ත වර්ධනය වෙනුවෙන් අප විසින් ලබාදුන් දායකත්වය පිළිබඳව ආඩම්බර වෙනවා.’’
කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තයේ සාමාන්‍යාධිකාරී, වාණිජ සහ අලෙවිකරණ තිස්ස වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘‘බහාලුම් මිලියන 02 ක මෙම ඓතිහාසික සංධිස්ථානයට පැමිණීමට අපගේ මව් සමාගම වන චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගමෙන් අතිවිශාල සහයෝගයක් ලැබුණු බව අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුයි. කොළඹ වරායට නව ප්‍රතිඅපනයන ව්‍යාපාරික කටයුතු කැඳවා ගැනීමට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගමේ ගෝලීය ජාලයට ප්රවේශවීමේ හැකියාව ලැබී තිබීමයි. නව සේවාවන් සහ නව නාවික සමාගම් හඳුන්වා දෙමින් ඉතාමත් සංවේදී සහ අවිනිශ්චිත ප්‍රතිඅපනයන භාණ්ඩ වෙළඳපොළ තුළ ජාත්‍යන්තරව තරග කිරීමට අවස්ථාව කොළඹ වරායට CICT පර්යන්තය විසින් උදාකර දී තිබෙනවා.’’
කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) බහාලූම් ප්‍රවාහනයේ අති විශාල නෞකා (ULCC) සහ සුවිශාල නෞකා (VLCC) සමග කටයුතු කරමින් මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පළමු සම්පූර්ණ වර්ෂය වූ 2015 වසරේදී බහාලුම් මිලියන 1.561 හැසිරවූ අතර එහිදී පර්යන්තය හැසිරවූ සමස්ත බහාලුම් වලින් 67% ක්ම මෙම නෞකා කාණ්ඩයට අයත්වීම කැපී පෙනේ. මෙවැනි සුවිශාල නෞකා කොළඹ වරායට පැමිණීම වැඩිවීම හමුවේ අනිකුත් බහාලුම් පර්යන්ත වලට එය ධනාත්මකව බලපාන අතර දිනෙන් දිනම කොළඹ ප්‍රධාන ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් බවට පත්වීමට මෙමගින් සහයෝගය හිමිවේ.
පසුගිය වසර දෙක තුළදී කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය විසින් ආසියානු-යුරෝපීය නාවික මාර්ගයන්හි ගමන් කරන සුවිශාල නෞකා වලින් සමහරක් කොළඹ වරායට ගෙන්වාගැනීමට සමත්විය. මේවා අතර බහාලුම් 19,224 ක් රැගෙන යා හැකි ලෝකයේ දැවැන්තම බහාලුම් නෞකාව ලෙසින් සැලකෙන MSC Maya, බහාලුම් 18,300 ක් රැගෙන යා හැකි MV Mogens Maersk, බහාලුම් 16,652 ක් රැගෙන හැකි MSC New York, බහාලූම් 16,020 ක් රැගෙන යා හැකි CMA CGM Marco Polo, බහාලූම් 14,000 කට වැඩි ප්‍රමාණයක් රැගෙන යා හැකි YML YM Wondrous, Edith Maersk සහ EMC Thalassa Hellas යන නෞකා ඇත. මීට අමතරව, මෙම නෞකාවල සහෝදර නෞකාවන් මේ වනවිට කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) වෙත නිරන්තරයෙන් පැමිණෙමින් තිබේ.
ප්‍රමාණාත්මක වශයෙන් කොළඹ වරායේ වර්ධනය සඳහා දායකත්වය ලබාදීමට අමතරව සේවා නවෝත්පාදනය සහ පරිසර හිතකාමී වැඩසටහන් සඳහාද CICT කොළඹ වරායට කැපී පෙනෙන දායකත්වයක් ලබාදී ඇත. CICT සමාගම විසින් කොළඹ වරායේ ‘හරිත වරාය’ සංකල්පය ප්රමුඛ කරගත් වැඩසටහනක් සඳහා නායකත්වය ලබාදීම වෙනුවෙන් ඩොලර් මිලියන 10 ක මුදලක් 2016 වසරේ මුල් කාලයේදී ආයෝජනය කරන ලදී. මේ යටතේ, ඞීසල් වලින් මෙහෙයුම් කටයුතු කරන රබර් ටයර් යෙදූ සමාගමේ ගැන්ටි්ර දොඹකර සියල්ල විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක කරන රබර් ටයර් යෙදූ ගැන්ටි්ර දොඹකර බවට පරිවර්තනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
කොළඹ වරායට පළමුවෙන්ම ඉලෙක්ට්‍රොනික යාත්‍රා ලේඛන (electronic boat notes) හඳුන්වා දුන්නේ CICT විසින් වන අතර මේ තුළින් අපනයන ලේඛන සඳහා යන කඩදාසි ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවීම සිදුවේ. මීට අමතරව, පර්යන්තයට ඇතුළුවල බහාලූම් පිළිබඳ තොරතුරු ඇතුළත් ජංගම දුරකතන ඇප් සේවාවක් හඳුන්වාදුන් කොළඹ වරායේ පළමු බහාලුම් පර්යන්තය වන්නේද CICT පර්යන්තයයි .
2016 වසර අවසානයේදී කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය CICT කීර්තිමත් ලොයිඞ්ස් ලයිස්තුවේ (Lloyd’s List) මැදපෙරදිග සහ ඉන්දියානු මහද්වීපික සම්මාන ප්රදානයේදී ‘වරාය මෙහෙයුම්’අංශය යටතේ සම්මානයට පාත්‍ර විය. 2016 ලොයිඞ්ස් ගෝලීය සම්මාන යටතේ වසරේ වරාය මෙහෙයුම්කරුවා බවට පත්ව තිබෙන්නේ CICT මව් සමාගම වන චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් වන අතර ඒ සඳහා CICT පර්යන්තයෙහි කාර්යයසාධනය එක් ප්‍රධාන සාධකයක් විය .