‘Ceylon Breeze’ නෞකාවේ මංගල නැංගුරම හෙට.

සී/ස නැව් සංස්ථාවේ Ceylon Breeze නෞකාවේ මංගල නැංගුරම හෙට සිදුකෙරේ. ඒ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේදීයි. මෙට්‍රික් ටොන් 63 000 ක ධාර්තාවයෙන් යුත් මෙම නෞකාව චීනයේ නිෂ්පාදිතය. ගල් අඟුරු මෙට්‍රික් ටොන් 55 000 ක් රැගත් එම නෞකාව නොරොච්චෝලේ බලාගාරය දක්වා රුසියාවේ සිට ගමන් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි මස 28 වැනිදායි. එම මංගල ගමන සනිටුහන් කරමින් Ceylon Breeze නෞකාව කොළඹ වරායේ නැංගුරම් දැමීම සිදු කරන්නේ හෙට අලුයම 12.30ට වේ. ඒ නිමිත්තෙන් පැවැත්වෙන උත්සවය හෙට උදෑසන 8යි 30ට කොළඹ වරාය පරිශ්‍රයේදී පැවැත්වෙන බව සී/ස නැව් සංස්ථාව පවසයි. මෙම නෞකාවේ විශේෂත්වය වන්නේ විශේෂ නාවික පුහුණුවීම් අංශයක්ද ඊට එක්කර තිබීම වේ. ශ්‍රී ලාංකික පුහුණු නාවිකයින් 12 දෙනෙකු මෙම නෞකාවෙහි පුහුණුවීම් සඳහා හෙට එක්වීමට නියමිත බවද සී/ස නැව් සංස්ථාව කියා සිටී.