ඉන්දියානු සාගර කලාපයේ ඒකාබද්ධ ලේකම් සහ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්.

ඉන්දියානු සාගර කලාපයේ ඒකාබද්ධ ලේකම් ශ්‍රී පූනෙත් අග්‍රවාල් මහතා සහ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ හමුවක් 20 (අද) දින පෙරවරුවේ අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.

මෙම සාකච්චාවේදී ඉන්දියානු සාගර කලාපය තුල නාවික කෙෂත්‍රයේ  සහයෝගීතාව වඩාත් වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳ සාකච්චා කරන ලදී. මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දැනටමත් මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට මූලික කටයුතු පිලිබඳව එකඟතාවයකට පැමිණ ඇති බවයි. ඒ අනුව ඉතා ඉක්මණින් එම මඟී සේවාවන් ආරම්භ කරන බවත් ඒ සඳහා ඉන්දියා රජයේ සහයෝගය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා අග්‍රාවල් මහතාගෙන් ඉල්ලා සිටියේය. 

මෙම මගී යාත්‍රා සේවාවන් පුළුල් කීරීම තුලින් දෙරටේම සාමාන්‍ය පන්තියේ ජනතාවට දෙරට අතරේ සංචාරය කිරීමට,  දරාගත හැකි මුදලකට හැකි වන බව අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම භාණ්ඩ ප්‍රවාහනය කිරීම තුලින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වෙලදාම් කටයුතු පුළුල් කිරීමේ හැකියාවන් ලැබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

මෙහිදී ඉන්දීය සාගර කලාපයේ ලේකම්වරයා කියා සිටියේ දනුෂ්කොඩිය හා රාමේෂ්වරම් අතර ද මගී යාත්‍රා සේවා ආරම්භ කිරීම උචිත බවයි. එම යෝජනාව පිලිබඳව තමා එකඟවන බවත් ශ්‍රී ලංකා දුම්රිය සේවාවද එම මඟී යාත්‍රා සේවා සමඟ සම්බන්ධ කල හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කලේය.මෙකී නාවික හා ගුවන්සේවා දෙරට අතර පුළුල් කිරීම ඉතා වැදගත් බවත් ඒ සඳහා ඉන්දියා රජයේ පූර්ණ සහය ලබා දෙන බවත් අග්‍රවාල් මෙම සාකච්චාවේදී පැවසීය. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.