වරායේ ඇති ගොඩ ගැසී ඇති බහාළුම් කඩිනමින් ඉවත් කරන්න, ඇමති වරායට උපදෙස් දෙයි

රේගු පරීක්ෂණ හේතුවෙන් මේ වන විට වරායේ බහාළුම් 800කට ආසන්න ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවත් ඒ හේතුවෙන්වෙන් වරායේ විශාල ඉඩ ප්‍රමාණයක් ඵලදායී කාර්යයකට යොදා ගැනීමට නොහැකි වී ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නාවික සමාගම් ඒජන්තවරු සමඟ පැවති සාකච්ඡාවක දී හෙළිදරව් විය. 

පසුගිය සමයේ ලංකාවට පැමිණෙන නැව් ප්‍රමාණය අඩු වුවද විශාල ප්‍රමාණයේ නැව් රාශියක් පැමිණ ඇති බැවින් හුවමාරු සඳහා පැමිණෙන බහළුම් සංඛ්‍යාව  4.5% කින් වැඩිවී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.