ගුවන්තොටුපල දෙවන පර්යන්තයට ජපානයේ සහය අඛණ්ඩව ඇමති තානාපති හමුවේ දී තානාපතිවරයා පවසයි …

 ගුවන්තොටුපල දෙවන පර්යන්තයට ජපානයේ සහය අඛණ්ඩව  ඇමති තානාපති හමුවේ දී තානාපතිවරයා පවසයි ….                                                                                                                                        

වරාය නාවික හා  ගුවන්සේවා  අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ශ්රී ලංකාවේ ජපාන තනාපති මිසුකොෂි හිදෙකි( Mizukoshi Hideaki) මහතා අතර විශේෂ සාකච්චාවක් අද දින වරාය නාවික හා ගුවන්සේවා අමාත්යංශයේදී පැවැත්විණ. ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ජපාන රජයේ පූර්ණ සහය ශ්රී ලංකාව වෙත ලබා දීම සම්බන්ධයෙන්  අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය කෘතඤතාව  පල කර සිටියේය. 
මෙම අවස්ථාවේ සිය අදහස් ප්රකාශ කරමින් ශ්රි ලංකාවේ ජපාන තානාපති හා  ජයිකා ආයතනයේ ශ්රී ලංකා අධ්යක්ෂ අකිමික්ෂු ඹකුබෝ (Akimitsu Okubo)  ණය ප්රතිව්යුහගතකරනය ක්රියාවලිය අවසන් වූ විගස කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙහි 02 වන පර්යන්තයෙහි ඉදිකිරීම් කටයුතු ඉක්මනින්  අරබන බවට ප්රතිඥා  දෙන ලදි. 
                                                                                                                                                          අමාත්යතුමන්  වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ, ජපාන රජයේ මැදිහත්වීමෙන් ජයිකා ආයතනය විසින් සිදු කරන කටුනායක බණ්ඩාරනායක  අන්තර්ජාතික ගුවන්තොටුපලහි දෙවන පර්යන්තයෙහි ඉදිකිරීමේ ව්යාපෘතිය ජපාන ව්යාපෘතියක් ලෙසම සිදු කිරීම තම රජයේ අපේක්ෂාව බවත් කිසිදු හේතුවක් නිසාවත් ඒ සඳහා වෙනත් පාර්ශවයක සහය ලබා ගැනීමට අපේක්ෂා නොකරන බවත් අවධාරණය කරන ලදී. මෙම අවස්ථාවට ශ්රි ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දූත පිරිසක් හා ජයිකා ආයතනයේ නියෝජිත පිරිසක් ද ඇතුළු වරාය නාවික හා ගුවන්සේවා අමාත්යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්ර, අතිරේක ලේකම් නයනා සෝමරත්න යන මහත්ම මහත්මීන්ද සහභාගී විය.