ගිලුනු සහ හිමිකාරීත්වය නොමැති නැව් වලින් රජයට උපරිම අදායමක් ලබා ගැනීමේ වැඩපිලිවෙලක්

 

ගිලුනු සහ හිමිකාරීත්වය නොමැති නැව් වලින් රජයට  උපරිම අදායමක්  ලබා ගැනීමේ වැඩපිලිවෙලක්

ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට අයත් සීමාව තුල විවිධ අවස්ථාවන්හිදී ගිලී මුහුදු බත් වී තිබෙන නෞකාවන් සංඛාව 47 ක් පමණ බවත්, මෙහි නෞකාවන් උපයෝගී කර ගනිමින් දේශීය ආර්ථිකයට උපරිම අදායමක් උපයා ගැනීමටත්, අවශ්‍ය නම් මේවා සංරක්ෂණ කිරීම සඳහාත් ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳව විශේෂ සාකච්චාවක් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ  ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී අද දින  පැවැත්විණ.  මෙහිදී අනාවරණය වූයේ දැනට මෙසේ ගිලී මුහුදු බත්වී තිබෙන නෞකා දැක බලා ගැනීම සඳහා උනන්දුවක් දක්වන දෙස් විදෙස් සංචාරකයින් රැසක් සිටින බවත්, මුහුදු පතුලේ කිමිද ඒවා ඡායාරූප කිරීම මෙන්ම ගවේෂණය කිරීම සඳහා ජාත්‍යන්තර කණ්ඩායම් රාශියක් සිටින බවයි.

ඒ අනුව සංචාරක අමාත්‍යංශය, නාවික හමුදාව හා පෞදගලික අංශයේ  සංචාරක සමාගම්ද සම්බන්ධ කර ගනිමින් වැඩ පිලිවෙලක් සකසන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.එමෙන්ම කෞතුක වශයෙන් වටිනා කමක් නොමැති නෞකාවන් වේ නම් ඒවා ගොඩගෙන අබිලි ද්‍රව්‍ය ලෙස විකුණා එම මුදල් රජයේ ගිණූමට බැර කිරීමට මෙම සාකච්චාවේදී තීරණය විය.සමුද්‍රිය නිතීයට අනුව වසරක කාලයක්  ඇතුලත ගිලුනු නැවක් පිළිබදව අයිතිවාසිකම් ඉදිරිපත්කර නොමැති නම් එම නැවේ හිමිකාරිත්වය සමුද්‍ර තීරය අයිතිය රජයට  බව පෙන්වාදුන් අමාත්‍යවරයා එම නෞකා ඉවත් කිරීම හා කැබලි වශයෙන් විකිණිමට නීතිමය බධාවක් නොමැති බව පැවසීය.

 

ඒ අනුව කොළඹ, ගාල්ල ,ත්‍රීකුණාමලය යන වරායතුල නවතා ඇති නෞකා 6ක් එකී වරාය කටයුතුවලට බධා පමුණුවමින් දැනට වසර 6 ක පමණ කාලයක් තිසසේ නැංගුරම් ලා ඇති බවත් මෙම නැව් 6න් විශාල මුදල් ප්‍රමාණයක් වරාය අධිකාරියට ලබා ගැනීමට හැකි බැවින්  ඒවායේ නීති කටයුතු කඩිනමින් නිමකොට එම මුදල් අයකර ගන්නා ලෙසට අමාත්‍යවරයා  අමාත්‍යංශ ලේකම්වරයාට සහ නිළධාරින්ට නියෝග ලබාදුනි.මෙම නෞකා ඉවත් කිරීමේදි සම්‍රද්‍රීය පාරිසරික දූෂණය නොවීම සැලකිල්ලට භාජනය කරමින් කටයුතුකරන ලෙසට සම්‍රද්‍රීය පාරිසරක අධිකාරියේ අධ්‍යක්‍ෂක ජනරාල්වරයා මෙම සාකච්ඡාවේදි කරුණු දැක්වීය.