අමත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජාත්යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ 41 වන සැසි වාරය අමතයි.

පසුගිය දශකයේ ගුවන් සේවා කේෂත්රයේ සියලු අංශ වලින් 4.5% වර්ධනයක් පෙන්වීමට හැකි වූ බව වරාය නාවික හා ගුවන් සේවා අමාත් නිමල් සිරිපාල සිල්වා මහතා අවධාරණය කරයි.

අමාත්යවරයා මේ බව අවධාරණය කලේ 2022.09.28 වන දින කැනඩාවේ මොන්ට්රියල් නුවර පැවැත්වෙන ජාත්යන්තර ගුවන් සේවා සංවිධානයේ 41 වන සැසි වාරය අමතමිනි.

රටවල් 194 නියෝජිතයින් සහභාගී වන මෙම සැසි වාරය සැප්තැම්බර් 27 වන දින සිට ඔක්තෝබර් 07  වෙනිදා දක්වා මොන්ට්රියල් නුවරදී පැවැත්වේ. මෙහිදී තවදුරටත් කරුණු දැක්වු අමාත්යවරයා  කියා සිටියේ 2020 වසරේ සිට  උද්ගත වූ කොවිඩ් වසංගතය හේතුවෙන් ගෝලීය ප්රජාවට ඉතාමත් සංකීර්ණ ජීවන රටාවකට හුරු වීමට සිදු වු බවත්විශාල ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදු වු බවත්ය. මේ හේතුව නිසා ශ්රී ලංකාවේ ප්රවාහන හා සංචාරක කේෂත්රයේ  විශාල කඩා වැටීමක් සිදු වු අතර මෙය ශ්රී ලංකාවේ  ආර්ථිකයට විශාල බාධාවක් විය. ඉන්දියන් සාගරයේ පිහිටි  දූපත් රාජ්යක් ලෙස ශ්රී ලංකාවේ ආර්තිකය පවත්වාගෙන යාමට අවශ් විදේශ විනිමය උපයා ගන්නේ  සංචාරක ව්යාපාරය, විදේශ රැකියා සහ භාන්ඩ අපනයනයෙන්ය. එලෙස උපයන විදේශ විනිමය ඉතා වැඩි වශයෙන් වියදම් කරනුයේ ඉන්ධන, බෙහෙත්, පොහොර සහ අත්යාවශ් පාරිභෝගික ද්රව් අනයනය කිරීම සදහාය. මේ වන විට ඇතිව තිබු ආර්ථික අවපාතය අවම කිරීමට රජය විසින් විශේෂ වැඩපිලිවෙලක් ක්රියාත්මක කර තිබේ. තුලින් ශ්රී ලාංකිකයින්ගේ ජීවන තත්වය යහපත් මට්ටමකට ගෙන ඒමට රජය මේ වන විට කටයුතු කර තිබේ.නමුත් මෙම සියලු බාධක තත්වයන් යටතේ වුවත් ශ්රී ලංකාවේ  සිවිල් ගුවන් සේවා කේෂත්රය පෙර තත්වයට පත්වෙමින් තිබීම සතුටට කරුණක් බව මෙහීදී අමාත්යවරයා  පැවසීය.

මෙහිදී  අමාත් නිමල් සිරිපාල සිල්වා මහතා ජාත්යන්තර  සිවිල් ගුවන් සේවා සංවිධානයේ 41 වන සැසි වාරයේ සමුළු සභාපති ලෙස ඡන්දයෙන් පත් වූ නව සභාපතිතුමිය වෙත ශ්රී ලංකා රජයේ  සුභා සිංසන පල කලේය.

අමාත් නිමල් සිරිපාල සිල්වා මහතා සමග කැනඩාවේ ශ්රී ලංකා තානාපති හර්ෂ නවරත්න මහතාද මෙම සැසියට සහභාගි විය.