ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියාමා මහතා ඇමති සාගල හමු වේ.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා අද (12) පෙරවරුවේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී  හමු විය. එහිදී දෙපාර්ශ්වය විසින් ජපානය හා ශ්‍රී ලංකාව අතර වරාය හා නාවික ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කරගැනීම සහ නාවික කටයුතු පිළිබඳව ද්විපාර්ශවීය තාක්ෂණික අවබෝධතා වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡාවක නිරත විය.

ඡායාරූපයේ දැක්වෙන්නේ සාගල රත්නායක ගරු අමාත්‍යතුමා එම නිලධාරීන් සමග සුහද පිළිසඳරක යෙදී සිටින ආකාරයයි.