ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ගුවන්යානා අනතුරු විමර්ශනයට ස්වාධීන කණ්ඩායමක්.

 

 ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ගුවන්යානා අනතුරු විමර්ශනයට ස්වාධීන කණ්ඩායමක්.

ශ්‍රී ලංකාවට අයත් ගුවන් අවකාශය තුල සිදුව න ගුවන් අනතුරු පිලිබඳ විමර්ශනය කිරීමට පත්කරනු ලබන ප්‍රථම කණ්ඩායමට පත්වීම් ලිපි ලබා දීම පෙබරවාරි 16 (අද ) දින පෙරවරුවේ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේදී සිදු කෙරිණ. ඒ අනුව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගුවන්යානා අනතුරු විමර්ශක වරුන් 11 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රධානය කරනු ලැබීය.

ශ්‍රි ලංකාවේ ගුවන්සේවා ඉතිහාසයේ ප්‍රථම වතාවට පත්කර නු ලැබු මෙම ගුවන්යානා අනතුරු විමර්ශක වරුන් විසින් ශ්‍රී ලංකාවට අයත් ගුවන් අවකාශය තුල සිදුවන ගුවන් අනතුරු පිලිබඳ සත්‍ය තොරතුරු හදුනා ගැනීමත්, එමඅනතුර සිදු වූයේ කෙසේද යන්නත්, යලිත් එවැනි අනතුරක් සිදුනොවන්නට අවශ්‍ය පියවර ගැනීමත් මොවුන්ගේ කාර්යභාරය වේ.

වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය යටතේ ස්වාධීන සංචිතයක් ලෙස ක්‍රියාත්මක වන ගුවන්යානා අනතුරු විමර්ශන කණ්ඩායමේ පුහුණු කිරීමේ කටයුතු ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ  (ICAO) ප්‍රමිතයට අනුව ශ්‍රි ලංකා සිවිල් ගුවන්සේවා අධීකාරිය විසින් සිදු කරනු ලබයි. දැනට අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මෙම සංචිතය ඉදිරියේ අනතුරු විමර්ශන කාර්ය්‍යංශයක් බවට (Accident Investigation Bureau ) ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.

මෙම පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙම පත්වීම් ප්‍රධානය කිරීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා කියාසිටියේ : ලෝකයේ ගුවන්සේවා ක්ෂෙත්‍රයේ නියාමන කාර්යභාරය සිදුකරනු ලබන්නේ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් බවත් එම ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ක්ෂෙත්‍රයේ ද නියාමන කටයුතු සිදුකල යුතු බවයි. නමුත් මෙපමන කාලයක් ශ්‍රී ලංකාවේ ගුවන් අවකාශය තුල සිදුවූ ගුවන් යානා අනතුරු පිළිබඳව නිසි විමර්ශනයන් සිදුකිරීමට ආයතනයක් හෝ නිසි වැඩපිළිවෙලක් නොතිබුණු බවයි.නමුත් මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කල ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය මෙවැනි ස්වාධීන අනතුරු විමර්ශක කන්ඩායමකින් සැදුම්ලත් සංචිතයක් ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවේ උන්නතිය උදෙසා සිදුකල විශාල කාර්යභාරයක් බව  පැවසීය.

එනිසා හැකි ඉක්මනින් ගුවන්සේවා පනත සංශෝධනය කරමින් මෙම කටයුතු සඳහා ගුවන් අනතුරු විමර්ශක කාර්ය්‍යංශය ස්ථාපිත කිරීමට කඩිනම් පියවර ගන්නා බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.