වරාය කළමනාකරන ඩිප්ලෝමාධාරීන් තිස්පස් දෙනෙකුට සහතික ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ, මහපොල, වරාය හා සමුද්‍රිය විද්‍යාතනයේ වරාය කළමනාකරන ඩිප්ලෝමා පාඨමාලාවේ දෙවන කණ්ඩායමේ ඩිප්ලෝමාධාරීන් 35 දෙනෙකු හට ඩිප්ලෝමා සහතික ප්‍රධානය කිරීම 2022.08.24 දින සිදු කෙරිණ. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා විසින් මෙම ඩිප්ලෝමා සහතික ප්‍රධානය කල අතර මෙහිදී කරුණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඔබ අද මේ ලබා ගත් දැනුම හෙට දවසේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ රටේ යහපත වෙනුවෙන් යෙදවිය යුතු බවයි.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අලගේවත්තගේ, කළමනාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස යන මහත්වරුන්ද, කැළණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය, තරිඳු ඩී. වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂවරුන්, කොට්ඨාශ ප්‍රධානීන්, වෘත්තීය සමිති නියෝජිතයින්  සහ සේවක මහත්මීන්ද, ඩිප්ලෝමාධාරීන්ගේ පවුල් වල සමාජිකයින් පිරිසක්ද සහභාගී විය.