දූෂණය ,නාස්තිය සහ මුදල් අවභාවිතය පිලිබඳව වරාය සේවකයන් නිසි පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලයි.

පසුගිය කාල පරිච්ඡේදය තුල වරාය අධිකාරිය තුළ සිදුවූ දූෂණය, නාස්තිය සහ මුදල් අවභාවිතය පිලිබඳව නිසි පරීක්ෂණයක් පවත්වා එම කටයුතු වලට සම්බන්ධ වූවන්ට දඬුවම් ලබාදෙන ලෙස වරාය වෘත්තීය සමිති නියෝජිතයින් වරාය,  නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ඉදිරි දින කීපය තුළ දී ඒ සඳහා ස්වාධීන කණ්ඩායමක් පත්කරන ලෙසත්,එම කණ්ඩායමට වෘත්තීය සමිති නියෝජනය කරමින් සුදුසු සාමාජිකයන් කිහිපදෙනකු ද පත්කරන ලෙස අමාත්‍යවරයා, අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතාට උපදෙස් දෙනලදී.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති 37ක සාමාජිකයින් සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

 මෙම සාකච්චාවේදී ,වරාය වෘත්තිය සමිති විසින් ප්‍රධාන කරුණු කිහිපයක් විසඳා ගැනීම සම්බන්ධව අමාත්‍යවරයා සමඟ සාකච්චා කලේය.

මෙම කරුණු වලට අමාත්‍යවරයා විසින් සාකච්ඡාවේදී  විසදුම් ලබා දුන් අතර, ඉදිරියේදීත් වෘත්තිය සමිති සමග සාකච්ඡා කොට පවතින ගැටළු විසදීමට කටයුතු කරන බව පැවසීය.