සේවක රැකියා සුරක්‍ෂිත කරමින්, ණය බරින් මුදවා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුගත කිරීමට පියවර

විශාල මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයින්ගේ රැකියා සුරක්‍ෂිත කරමින්, ණය බරින් මුදවා ගැනීමට  අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන බව වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කලේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෘත්තීය සමිති නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා අගෝස්තු 29 දින අමාත්‍යංශයේ පැවති රැස්වීමකදීය.

ශ්‍රී ලංකන් කේටරින් ආයතනය සහ භූමි සේවා සැපයුම් අංශය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ලැබෙන මුදලින්, ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම දැනට ණය වී ඇති ණය මුදල් වලින් යම් ප්‍රමාණයක් හෝ ගෙවීමට තමා බලාපොරොත්තු වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගමේ සභාපති අසෝක පතිරගේ යන මහත්වරුන්ද  වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක්ද සහභාගි විය.