නියඟයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ ජනපතිගේ තීරණයට ඇමති අර්ජුනගෙන් අස්වැසිල්ලක්.

නියඟයෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීමට ඉන්දුනීසියානු රජයෙන් ලැබෙන සහල් මෙට්ට්‍රික් ටොන් දස දහස වරාය ගාස්තුවලින් නිදහස් කිරීමට වරාය සහ නාවික අමාත්‍යාංශය පියවර ගනී. ඒ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මතය.

නියඟයෙන් පීඩාවට පත් ජනතාව වෙත සහල් මෙට්‍රික් ටොන් 10 000 ක් ප්‍රදානය කිරීමට ඉන්දුනීසියානු රජය කැමැත්ත පළ කළේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතුතිතුමාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි. පසුගියදා (23 ) ජනාධිපති කාර්යාලයෙහි පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉන්දුනීසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඒ.එම්. ෆෂීර් (A.M Fachir) මහතා මේ බව ජනාධිපතිතුමා වෙත දැනුම් දුන්නේය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී එහි පළමු කොටස වූ සහල්මෙට්‍රික් ටොන් 5000 ක් ශ්‍රී ලංකාව වෙත පිරි‍නැමේ.