සිංගප්පූරුවේ සන්නිවේදන, තොරතුරු හා වෙළඳ සබඳතා අමාත්‍ය එස්. ඊෂ්වරන් මහතා ඇමති සාගල හමුවේ.

දෙරට අතර ආර්ථික සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින්  සිංගප්පූරුවේ සන්නිවේදන, තොරතුරු හා වෙළඳ සබඳතා ගරු අමාත්‍ය එස්. ඊෂ්වරන් මහතා අද (22) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා හමු විය. 

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සිංගප්පූරු මහ කොමසාරිස් චන්ද්‍රා දාස් මහතා, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා , ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක මහතා,උපසභාපති එමරික් ප්‍ර‍නාන්දු මහතා සහ කලමනාකාර අධ්‍යක්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ මහතා  ඇතුළු සිංගප්පූරු රජයේ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.