“රන් මාවත” (GOLD ROUTE) විශේෂ මගී ප්‍රවේශය විවෘත කෙරේ.

ඉහල අදායම් ලාභී ගුවන් මගීන් ඉලක්ක කර ගනිමින් හා ගුවන් සහ සංචාරක කර්මාන්තයේ අවශ්‍යතා සපුරාලීමේ අරමුණින්, ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගම විසින් “රන්මාවත” (GOLDROUTE) නාමය යටතේ සිය නව සේවා පහසුකම පසුගියදා ආරම්භ කරන ලදී.
 
මෙම නව මගී ප්‍රවේශය ආරම්භ කිරීම වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සිදු කල අතර මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගම් සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුලු එම සමාගමේ නිලධාරීන් පිරිසක් සහභාගි විය.
 
ඇමරිකානු ඩොලර් 200ක මුදලක් ගෙවීමෙන් බණ්ඩාරනායක ගුවන්තොටුපලේ පිහිටි මෙම GOLD ROUTE විශේෂ මගී ප්‍රවේශයේ පහසුකම් ලබා ගත හැකි බවත්, ඒ සඳහා www. airport. lk නිල වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබා ගත හැකි බවත්  ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගම පවසයි.