ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුස්ලිම් මජ්ලීසය ඉෆ්තාර් උත්සවයට වෙන් කළ මුදල් ගංවතුරෙන් අවතැන් වූවන් සඳහා පරිත්‍යාග කරයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉෆ්තාර් මජ්ලීසය ඉෆ්තාර් උත්සවය වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් වරාය පරිශ්‍රයේ මුස්ලිම් පල්ලියේ පැවැත්වූ අතර ඉෆ්තාර් උත්සවය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ලබාදෙන ලද රුපියල් ලක්ෂ දහයක මුදල දිවයිනේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට පරිත්‍යාග කිරීමට අධිකාරියේ මුස්ලිම් මජ්ලීසය කළමනාකාරීත්වය ක්‍රියාකළේය.        

ඒ අනුව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඉෆ්තාර් උත්සවය ආගමානුකූල වතාවත්වලට මුල්තැන දෙමින් ඉතා චාම් අන්දමින් පැවැත්වීමට ද කටයුතු කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් එල්.පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක‍, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කලමනාකාර අධ්‍යක්ෂ සරත්කුමාර ප්‍රේමචන්ද්‍ර‍, උප සභාපති පී.ජී. දසනායක යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුස්ලිම් සේවක පිරිස සහභාගී විය.