ECT පර්යන්තය ඉදිකිරීම් කඩිනම් කරන්න බලධාරීන්ට ඇමති උපදෙස් දෙයි

දැනට මන්දගාමීව පවතින නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින් නියමිත කාලවකවානු වලට නිමකරන ලෙස වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

අද දින(2022/10/27) කොළඹ වරායෙහි නැගෙනහිර පර්යන්තයේ හී සිදුකල නිරික්ෂණ සංචාරය අවසානයේ දී අමාත්‍යතුමන් විසින් මෙම උපදෙස් ලබාදෙන ලදී.

මෙම නිරික්ෂණ සංචාරය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉහළ කළමණාකාරීත්වය, ව්‍යාපෘති ඉංජිනේරුවන්, මෙහෙයුම් නිලධාරීන් හා වෘත්තීය සමිති යන සෑම ක්ෂේත්‍රයකම පිරිස් සහභාගී වී සිටි අතර, ඉදිරි වැඩ පිළිවෙල සැකසීම සඳහා සියළු දෙනාගේ අදහස් හා යෝජනා වඩාත් ඵලදායී ලෙස යොදා ගන්නා ලෙස ද අමාත්‍යතුමන් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මෙම නිරික්ෂණ චාරිකාව සඳහා වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ්, උප  සභාපති  ජී.යූ.කේ. අල්ගේවත්තගේ, අතිරේක කළමණාකාර අධ්‍යක‍ෂ (තාක්ෂණ) සුසන්ත අබේසිරිවර්ධන, අතිරේක කළමණාකාර අධ්‍යක‍ෂ (පරිපාලන) ප්‍රභාත් ෙජ් මලවිගේ යන මහත්වරුන් ඇතුළු අධ්‍යක‍ෂවරුන්, කොට්ඨාශය ප්‍රධානීන් විධායක නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීය.