නෞකා වලින් පැමිණෙන විදේශීය සංචාරකයින්ට වරාය තුළ විශේෂ පහසුකම්

ගුවනින් මෙන්ම නෞකා වලින් මෙරටට පැමිණන විදේශීය සංචාරකයින් සඳහා ද කොළඹ වරායේ නවීන පහසුකම් සහිතව මගී පර්යන්ත පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන්  සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය  දින කොළඹ වරායේ මගී පර්යන්ත පරිශ්‍රයේ වත්මන් තත්ත්වය නිරීක්‍ෂණය සඳහා පැමිණි අවස්ථාවේ දී ය.

මෙම නිරික්ෂණ චාරිකාව සඳහා වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අල්ගේවත්තගේ යන මහත්වරුන් ඇතුළු  නිලධාරීන් පිරිසක් ද සහභාගී වූ හ.