ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයට ජපානයේ සහයෝගීතාවය ලබාගැනීමේ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය සඳහා ජපානයේ තාක්ෂණික හා මූල්‍ය ආධාර ලබාගැනීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් සඳහා වන සාකච්ඡාවක් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පසුගියදා එම අමාත්‍යංශයේ දී පැවැත්වීය.

ඡායාරූපයේ දැක්වෙන්නේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති Kenichi Suganuma, දූත මණ්ඩල ප්‍ර‍ධානී ජපන් අග්‍රාමාත්‍ය විශේෂ නියෝජිත Hiroto Izumi ඇතුළු කණ්ඩායම අමාත්‍යවරයා සමග සාකච්ඡාවේ යෙදෙන මොහොතයි.

මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යංශ ලේකම් එල්.පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක යන  මහත්වරුන් ද සහභාගී විය.