දකුණු අප්රි කානු නාවික හමුදාවට අයත් ස්පියොන්කෝප් යුද නෞකාව කොළඹ වරායට.......

දකුණු අප්‍රිකානු නාවික හමුදාවට අයත් ස්පියොන්කෝප් යුද නෞකාව අද පෙරවරුවේ කොළඹ වරාය වෙත ප්‍රවේශ විය. මෙම නෞකාව පෙබරවාරි 15 දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තිබේ. මෙම කාලය තුළ ද්වී පාර්ශ්වික සබඳතා තරකරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකටද ඔවුන් සහභාගීවීමට නියමිතය. වෝලර් පන්තියට අයත් මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගන්නා ලදී. මෙම නෞකාව කොළඹ වරායෙන් පසු බහුජාතක නාවික ක්‍රියාන්විතයක් සඳහා ඉන්දියාවේ ගෝව වරාය වෙත පිටත් වීමට නියමිතව තිබේ. මෙම නාවික ක්‍රියාන්විතයට ඉන්දීය, බ්‍රසීල සහ දකුණු අප්‍රිකානු නාවික හමුදා කණ්ඩායම් සහභාගී වනු ඇති බව ශ්‍රී ලංකා නාවික අමාත්‍යාංශය පවසයි. ඉන්දියාවේ නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘ජාත්‍යන්තර නාවික හමුදා ඇගයීමේ’ උත්සවයෙන් අනතුරුව මෙම ක්‍රියාන්විතය පැවැත්වේ.