කොළඹ වරාය සම්මාන රාත්‍රිය - 2019

කොළඹ වරායේ ජය බහලු පර්යන්තය, SAGT සහ CICT පර්යන්ත එක්ව දෙවන වරට සංවිධානය කරනු ලැබූ “කොළඹ වරාය සම්මාන රාත්‍රිය - 2019” ඊයේ (30) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විය.

එම අවස්ථාවට නාවික වෙළඳ ක්‍ෂේත්‍රයේ දේශීය හා විදේශීය මුල් පෙළේ සාමාජිකයින්ද සහභාගී වූ අතර එහිදී ප්‍ර‍ධාන නෞකා ජාල 05 ක් සහ පෝෂක නෞකා ජාල 05 ක් මගින් සිදුකරන ලද බහලු මෙහෙයුම් ධාරිතාව පදනම් කරගනිමින් සම්මාන පිරිනැමීම සිදු කෙරිණ.

එහිදී 2019 වසරේ ප්‍රදාන නැව් සමාගම වශයෙන් MSC නැව් සමාගමත්, පෝශක නැව් සමාගම වශයෙන් x- press feeder සමාගමත් සම්මානයට පාත්‍ර විය .