ජය බහලුම් පර්යන්තය විශාල පරිමාණයේ බහලුම් නෞකා තුනක් එකවර නැංගුරම්ලමින් වාර්තාවක් පිහිටුවයි.

මීටර් 300කට වඩා දිගින් යුත් විශාල පරිමාණයේ බහලුම් නෞකා තුනක් කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ එකම අවස්ථාවක නැංගුරම්ලමින් වාර්තාවක් පිහිටුවීය. මින්පෙර ජය බහලුම් පර්යන්තයට විශාල නෞකා පැමිණියද එකම අවස්ථාවක විශාල නෞකා 03 ක් එකවර පැමිණි පළමු අවස්ථාව මෙය  වේ.  ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහළුම් පර්යන්තය මෙම වාර්තාව පිහිටු වූයේ අද අලුයමයි. MSC  Jovanna, Ever  Lenient  සහ MSC  Toronto  එම නෞකා වේ. මේ අතරින් මීටර් 337ක දිගින් යුත් MSC  Jovanna නෞකාවෙහි සමස්ත බහලුම් ධාරිතාව 9178 ක් වේ.  Ever  Lenient නෞකාවේ දිග 335කි. එහි සමස්ත බහළුම් ධාරිතාව 8500ක්  විය. MSC  Toronto  නෞකාව මීටර් 325ක දිගින් යුක්ත අතර එහි සමස්ත බහළුම් ධාරිතාව 8089 ක් වේ. කොළඹ වරායේදී මෙම නෞකා ත්‍රිත්වය මේ වනවිට මෙහෙයවූ බහළුම් ප්‍රමාණය 6188ක් ලෙස සටහන් වේ. 

නෞකාව

දිග

 

සමස්ත ධාරිතාව

MSC  Jovanna

 

337 m

9178

Ever  Lenient

 

335 m

8500

MSC  Toronto

 

325 m

8089

 

 

 

 

 

 

 

 

 

SING_3