වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ වැඩ බාරගනී

වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ නව ලේකම් අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මැතිතුමා (හිටපු නාවික හමුදාපති) අද දින (18) එම අමාත්‍යංශයේදී නව තනතුරෙහි වැඩ බාරගන්නා ලදි. එම අවස්ථාවට වරාය හා නාවිකකටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම්(පාලන හා මුදල්) එච්.එම්.එල්.එස්.හේරත් , අතිරේක ලේකම් (සංවර්ධන) කේ. එන්.  කුමාරි සෝමරත්න,  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කලමණාකාර අධ්‍යක්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ ඇතුළු  නිළධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් රැසක් සහභාගී විය. පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ සිරිමෙවන් රණසිංහ මැතිතුමා නව ලේකම් තනතුරෙහි වැඩ භාරගත් අවස්ථාවයි.