වරාය කේෂත‍්‍රයේ ප‍්‍රවර්ධනය සඳහා ඩෙන්මාර්කයේ අධාර ලබා ගැනීමේ වැඩපිළිවෙලක්

ශ‍්‍රී ලංකාවේ වරාය කේෂත‍්‍රයේ ප‍්‍රවර්ධනය සඳහා මූල්‍ය හා තාක්ෂණික ආධාර ලබාගැනීමේ අරමුණින් පසුගියදා ඩෙන්මාර්කයේ සංචාරයක යෙදුණ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා MAERSK LINE ජාලයේ ප‍්‍රධාන විධායක නිළධාරී  SOREN SKOU මහතා ඇතුළු නියෝජිත පිරිසක් හමුවී අදාළ කාර්යයන් සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

ඡායාරූපයේ දැක්වෙන්නේ MAERSK LINE ජාලයේ ප‍්‍රධාන විධායක නිළධාරී SOREN SKOU මහතා හමුවූ මොහොතයි.

එම අවස්ථාවට වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක , MAERSK LINE ජාලයේ ප‍්‍රධානී ANDERS BOENAES, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක JULIAN BEVIS,  දකුණු ආසියාතික කලාපයේ මහජන සම්බන්ධතා නිළධාරී PRITHWIJIT MAITRE, වෙළඳ කළමණාකාර හා ජ්‍යෙෂ්ඨ මහජන සම්බන්ධතා උපදේශක KARINA KINDVIG සහ වරාය හා නාවික අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්  SEAN SAMARASINGHE යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.