කොළඹ වරායේ මෙහෙයුම් සඳහා ප්‍ර‍ධාන පර්යන්ත ත්‍රිත්වය සාමුහික ගිවිසුමකට එළඹේ

ලෝකයේ වරාය වර්ගීකරණයේදී 23 වන ස්ථානය ලබාගෙන ඇති කොළඹ වරාය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් කොළඹ වරාය තුළ ක්‍රියාත්මක ප්‍ර‍ධාන පර්යන්ත ත්‍රිත්වය වන ජය බහලු පර්යන්තය, සී.අයි.සී.ටී සහ එස්.ඒ.ජී.ටී යන පර්යන්ත සමග සාමුහික ගිවිසුමට අත්සන් කරමින් කොළඹ වරdයේ අනාගත ඉලක්ක ගත සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍ර‍මුඛ පියවර ගැනීමට වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ක්‍රියා කළේය.

ඡායාරූපයේ දැක්වෙන්නේ ජය බහලුම් පර්යන්ත මෙහෙයුම් අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා, සී.අයි.සී.ටී පර්යන්තයේ වාණිජ මෙහෙයුම් සාමාන්‍යාධිකාරී කැප්රියෝනා ජයසුන්දර, එස්.ඒ.ජී.ටී මෙහෙයුම් අධ්‍යක්ෂ උපාලි ජිනදාස යන මහත්ම මහත්මීන් ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව සිය සාමුහිකත්වය සනිටුහන් කළ මොහොතයි.

මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් එල්.පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක යන මහත්වරුන් රැසක් හා ප්‍ර‍ධාන පෙළේ නැව් නියෝජිතයින් රැසක් සහභාගී විය.