කොළඹ ජ්‍යාත්‍යන්තර කන්ටේනර් පර්යන්තයේ (CICT) විශේෂ නිරීක්ෂණ චාරිකාව

කොළඹ ජ්‍යාත්‍යන්තර කන්ටේනර් පර්යන්තයේ (CICT) විශේෂ නිරීක්ෂණ චාරිකාවක් අද දින ගරු අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් සිදු විය. මෙම නිරීක්ෂණ චාරිකාවට වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී ජයලාල් මැතිතුමන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මැතිතුමන් ප්‍රමුඛ අනෙකුත් නිළධාරීන්ද සහභාගී විය.