අන්තර් ජාතික අනුබද්ධිත වරාය ජාලයේ 19 වන සමුළුව

අන්තර්ජාතික අනුබද්ධිත වරාය ජාලයේ 19වන අන්තර්ජාතික සමුද්‍රීය සමුළුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08කසහභාගිත්වයෙන් අද (07) කොළඹ කිංස්බර් හෝටලයේ දී පැවැත්වේ. අදින් ආරම්භ වන මෙම සමුළුව හෙට (08) දිනයේ ද පැවැත්වේ.

INAP ඇරඹුම

1998 වසරේ ජපානයේ කොචි වරායේ දී ගන්නා ලද තීරණයක් ඇසුරෙන් මෙම අන්තර් ජාතික අනුබද්ධිත වරාය ජාලයේ ඇරඹමු සදුිවිය. එහි සමාරම්භය 1998 වර්ෂයේ නොවැම්බර් මස 17 සටි 19 දකව්ා බණඩ්ාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සත්කාරකත්වයෙන් පැවැත්විණ. 

කොළඹ වරාය ඇතුළු වරායන් 6ක දායකත්වයෙන් පැවති මෙම සම්මේලනය ගෝලීය සාමය මගින් සොයුරී වරායයන් තේමාව ඔස්සේ පැවැත්විණි. එහි සමාරම්භක අවස්ථාවේ සමුළුව ඇමතු කොචි වාරයේ ප‍්‍රධානී හෂිමිටෝ මහතාගේ යෝජනාවක් අනුව  කලාපය තුළ සාමාජික වරායයන්ගෙන් සමන්විත ජාලයක් පදනම් කොට ගෙන සොයුරී වරායයන් අතර (Sister Ports) සහසම්බන්ධතාව පවත්වා ගැනීමට තීරණය කරන ලදි. ඒ සඳහා සමුද්‍රීය ප‍්‍රවාහන හා වරාය කටයුතු පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම සහ බෙදා ගැනීම පහසු කිරීම උදෙසා අවස්ථාව සලසා දීම, අන්‍යෝන්‍ය අදහස් හුවමාරු කිරීම් ප‍්‍රවර්ධනය සහ ගෝලීය වරාය පද්ධති

ජාලයන් නිර්මාණය කිරීම අරමුණු කරගත් වැදගත් ක‍්‍රියාමර්ග අධ්‍යයනය සහ සාකච්ඡුා කිරීම, කලාපය තුළ සාමාජික වරායයන්ගෙන් සමන්විත ජාලයක් පදනම් කොටගෙන සමුද්‍රික ප‍්‍රවාහනය පිළිබඳ ජගත් පරිමාණ වරාය ජාලයක් නිර්මාණය කිරීම පිළිබඳ අවධානයට ලක්විය.

කොළඹ වරාය (Port of Colombo), කොචි වරාය (Port of Kochi), කින්ඩාවෝ වරාය (Port of Qingdao), සුබික් බේ වරාය (Port of Subic Bay), ටැංජුන් පෙරක් වරාය (Port of tanjung  perak) සමාරම්භක අන්තර් ජාතික අනුබද්ධිත වරාය ජාලයට එක්වූ වරායයන් ය.

පිලිපීනයේ සිබු (Port of Cebu) වරාය 2000 වර්ෂයේ මෙහි සාමාජිකත්වය හිමිකර ගන්නා ලදී. මොක්පෝ නව වරාය 2007 වර්ෂයේ ද, කොරියාවේ ඩැන්ජින් (Port of Dangin) 2014 වර්ෂයේ ද, පිලිපීනයේ  දවාවෝ වරාය (Port of Davavo) 2016 වර්ෂයේ ද අන්තර් ජාතික අනුබද්ධිත වරාය ජාලයේ (INAP) සාමාජිකත්වය හිමිකර ගන්නා ලදි.

අන්තර් ජාතික වරාය ජාලයේ ඇරඹුම පිළිබඳ සිහිපත් කිරීමේ දී එහි පුරෝගාමීත්වය ඉසිලූ ඒ උදෙසා දැඩි පරිශ‍්‍රමයක් දැරු ප‍්‍රාරම්භක පියවරුන් ලෙස ශ‍්‍රී ලංකාවේ එවකට වරාය සංවර්ධන, පුනරුත්ථාපන හා ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරයාව සිටි එම්.එච්.එම්.අෂ්රොෆ් මැතිතුමා සහ ජපානයේ කොචි වරායේ ප‍්‍රධානී දයිජිරෝ හෂිමිතෝ මැතිතුමා සැළකේ.

අන්තර් ජාතික අනුබද්ධිත වරාය ජාලයේ වත්මන් ලේකම් කාර්යාලය ජපානයේ කොචි හි පිහිටා ඇත. රටවල් 6 කට අයත් වරායන් 9ක් ජාලගතව සාමාජිකත්වය උසුලයි. එනම්, පිලිපීනයේ සිබු වරාය, දවාවෝ වරාය, සුබික් බේ වරාය, ශ‍්‍රී ලාංකේය කොළඹ වරාය, දකුණු කොරියාවේ ඩැන්ජින් වරාය සහ නව මොක්පෝ වරාය, ජපානයේ කොචි වරාය, චීනයේ කින්ඩාවෝ, ඉන්දුනීසියාවේ ටැංජුං පෙරක් යන වරායයන් ය.

අන්තර් ජාතික අනුබද්ධිත වරාය ජාලයේ අරමුණු

සාමාජිකයන් අතර මිත‍්‍රශිලී හා එකමුතු බවේ මූලධර්ම තහවුරු කර ගනිමින්, පරිසරය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ කාර්ය භාරයක් ඉටුකිරීම තුළින් සාමකාමි හා පරිසර හිතකාමි යහපත් අවකාශයක් සහ එකමුතු ලොවක් ගොඩනැගීම අරමුණ වේ.

මෙම දැක්ම යථාර්තයක් බවට පත් කර ගැනීමේ දී,

  • අන්තර් ජාතික අනුබද්ධිත වරාය ජාලයේ සහ සම්බන්ධතා ක‍්‍රමවත්ව පවත්වා ගෙන යාම.
  • සාමාජික වරායයන්ගේ ක‍්‍රියාකාරකම් ප‍්‍රවර්ධනය කිරීම සහ තොරතුරු හුවමාරුව තුළින් අනුබද්ධිත වරාය ජාලයේ සම්බන්ධතා වඩාත් අර්ථාන්විතව වරාය සංවර්ධනයට, ප‍්‍රවර්ධනයට හා කළමනාකරණයට යොදා ගැනීම.
  • සාමාජික වරායන්ට අයත් විවිධ ජාතින්ගේ මිත‍්‍ර සම්බන්ධතා හඳුන්වා දීම සහ එකී ජාතීන්ගේ ආර්ථික හා සංස්කෘතික සහ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම මෙහිලා ප‍්‍රධාන වේ.

අන්තර් ජාතික අනුබද්ධිත වරාය ජාලයේ 19 වන සමුළුව (The 19 th INAP)

අන්තර් ජාතික අනුබද්ධිත වරාය ජාලයේ සමුළුව සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පූර්ණ සත්කාරකත්වය ලබා දෙන තෙවන අවස්ථාව මෙය වේ. මෙහි පළමු සම්මේලනය 1998 නොවැම්බර් 17 - 19 දක්වා ද, 13 වන සම්මේලනය 2011.08.24 - 26 දක්වා ද, කොළඹ දී පැවැත්වීම සුවිශේෂිත ය. එමෙන්ම, 2017.11.07-08 යන දිනයන් හිදී පැවැත්වෙන 19 වන සමුළුවේ  දී ඉදිරි වර්ෂය සඳහා අන්තර් ජාතික අනුබද්ධිත වරාය ජාලයේ සභාපතිවරයා ලෙස ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා පත්වනු ඇත.

වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැුසක් සහභාගී වන මෙම සමුළුව ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත‍්‍රණ සමුළු ආදිය පැවැත්වීමෙහිලා සත්කාරක රටක් ලෙස ශ‍්‍රී ලංකාව ලබා ඇති අද්විතීය ස්ථානය ඔසවා තැබීමට වෙසෙසින් ඉවහල්වනු ඇත.