වසර දෙකහමාරකට පසු මගී නෞකාවක් කොළඹ වරායට

වසර දෙකහමාරක් පුරා පැවති කොරෝනා සහ ආර්ථික අර්බුදයෙන් පසු සංචාරකයින්  700ක් සහ කාර්ය මණ්ඩලය 450ක් රැගත් වයිකිංමාස් නැමැති නෝර්විජියානු නෞකාව අද පස්වරු 1.00 කොළඹ වරායට පැමිණි බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්යාංශය අවධාරණය කරයි.

මෙම නෞකාව පිළිගැනීම සඳහා වරාය, නාවික හා ගුවන්සේවා අමාත් නිමල් සිරිපාල සිල්වා මහතා සහ සංචාරක අමාත් හරීන් ප්රනාන්දු මහතා ඇතුළු පිරිසක් වරායේ මගී ජැටිය වෙත පැමිණ සිටියහ.

ඉන්දියාවේ ගෝවේ සිට පැමිණි මෙම නෞකාව පැය 24ක් කොළඹ වරායේ නැංගුරම්ලා තිබෙන බවත්, ඔවුන්ට අවශ් රේගු, ආගමන විගමන හා තීරුබදු සාප්පු සංකීර්ණ පහසුකම් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් සකසා ඇති බවත් අමාත්යාංශය අවධාරණය කරයි.

2022 වර්ෂයේ දී නිෂ්පාදිත මෙම නෞකාවේ ගැඹුර මීටර් 6.7ක්, දිග මීටර් 229ක් සහ පළල මීටර් 32කි. නෝර්විජීයානු ධජය යටතේ යාත්රා කරන මෙම නෞකාව ශ්රී ලංකාවේ කොළඹ වරාය වෙත පැමිණියේ ඉන්දියාවේ ගෝවේ මාර්මාගාඕ (Marmagao) වරායේ සිටය .