සංචාරකයින් දෙදෙහසක් රැගත් මෙයින් ෂිෆ් -5 (Mein Schiff-5) නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

Mein Schiff-5 (මෙයින් ෂිෆ්-5) සුවිසල් අධි සුඛෝපභෝගී මගී නෞකාව සංචාරකයින් 2000ක් පමණ සහ කාර්ය මණ්ඩලය 900ක් සමග අද (29) උදෑසන කොළඹ වරායෙහි නැගෙනහිර පර්යන්තය (ECT) වෙත සේන්දු විය.

                                  

නෞකාව පිළිගැනීම සඳහා වරාය, නාවික හා  ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී විය. එහිදී නෞකාවේ ආගමනය සනිටුහන් කරමින් විශේෂ ඵලක හුවමාරුවක් අමාත්‍යවරුන් හා නෞකාවේ කපිතාන්වරයා අතර සිදුවිය.

 

මගීන් 2534 දෙනෙකු සඳහා නෞකාව තුළ පහසුකම් ඇති අතර, කාර්ය මණ්ඩලය ලෙස 1030 දෙනෙකු මෙහි සේවය කරනු ලබයි. මෝල්ටා ධජය යටතේ යාත්‍රා කෙරෙන නෞකාව දිගින් මීටර් 295.26 ක් සහ පළලින් මීටර් 36.24 ක් වන අතර ගැඹුර මීටර් 8.05කි.

 

TUI කෘස් සමාගමට අයත් මෙම නෞකාව ප්‍රථම සංචාරය සිදුකර අත්තේ 2016 ජූලි 16 දින වන අතර ලංකාවට පැමිණි පලමු සංචාරය වේ.නෞකාවේ ශ්‍රී ලංකා නියෝජිත වන්නේ එයිට්කන්ස් ස්පෙන්ස් සංචාරක සමාගමට අනුබද්ධ හැපැග් ලොයිඞ් ලංකා සමාගමයි. ඕමානයේ මස්කට් වරායේ සිට පැමිණි නෞකාවේ එළඹෙන ගමනාන්තය වන්නේ හම්බන්තොට වරායයි. ඉන් අනතුරුව නෞකාව මැලේසියාවේ පීනෑන්ග් වරාය බලා යාත්‍රා කිරීමට නියමිතය.