ශ්රීෙ ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා අලුත් අවුරුද්දට සුභ පැතීම සඳහා වරාය සේවකයින් හමුවෙයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා, ඊයේ දින (2016.04.18) වරාය සේවක මහත්ම මහත්මීන් එම සේවා ස්ථාන වලදී හමුවෙමින් අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් එක් කරමින් වරාය පුරා සංචාරයේ යෙදිණි.

සිය සේවා ස්ථානවල අලුත් අවුරුදු කෑම මේසය සභාපතිවරයා ලවා විවෘත කරගැනීමට උත්සුක වූ සේවක මහත්ම  මහත්මීන් තම සේවා ස්ථානයට පැමිණි සභාපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත්තේය.

සෑම සේවක කොට්ඨාසයක් සමගම සුහද පිළිසඳරේ යෙදුණු වරාය සභාපති ධම්මික රණතුංග මහතා ඒ සෑම ස්ථානයකදීම ප්‍රකාශ කර සිටියේ “ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රගමනය වෙනුවෙන් ඉතා නිවැරදිම දේ තමන් ඉටුකරමින් සිටිනා බවයි. ඇතමුන් කුමන වැරදි තොරතුරු ප්‍රකාශ කළද සෑම සේවක මහත්ම මහත්මියකම ඒවායේ නිවැරදිතාව සිය බුද්ධියෙන් හා දැනුමෙන් වටහා ගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය. වරායේ ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් හා ලෝකයේ හොඳම වරාය 20 අතරට කොළඹ වරාය පත්කිරීමේ පරමාර්ථය වෙනුවෙන් ගරු වරාය  හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ දැක්ම සමඟ තමන්ද සිටින බව වරාය සභාපති ධම්මික රණතුංග මහතා ප්‍රකාශ කළේය.

දිනය පුරා සිදුකෙරුණු මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කලමනාකාර අධ්‍යක්ෂ එස්.ඩී.ඒ.එස්. ප්‍රේමචන්ද්‍ර, අතිරේක කලමනාකාර අධ්‍යක්ෂ ජානක කුලකුලසූරිය, ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන මංගල ගුණසේකර, සිසිර පෙරේරා යන මහත්වරුන්ද සහභාගී විය.