වරාය ඇමති කොළඹවරායේ නිරීක්ෂණ චාරිකාවක

වරාය හා නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ  (28) කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ ය.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වශයෙන් වැඩ භාරගැනීමෙන් අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ වරායේ සංචාරය කරනු ලැබුවේ ප්‍රථම වතාවටය. නැගෙනහිර පර්යන්තය හාජයා බහාලුම් පර්යන්තය සංවර්ධනය කළයුතු ආකාරය පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවිය. නැගෙනහිර පර්යන්තයේ සහ ජයා බහලුම් පර්යන්තයෙහි (V) වන අංගනයේ දොඹකර සවිකිරීමට යෝජිත ස්ථාන අමාත්‍යවරයා විසින්  නිරීක්ෂණ කරන ලදී. සේවයේ නිරතවී සිටි වරාය සේවකයන් සමග සුහද පිළිසදරකට එක්වන්නට ද ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අමතක නොකළේ ය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ මහතා ඇතුළු වරාය අධිකාරියේ විධායක නිලධාරීන් පිරිසක් අමාත්‍යවරයා සමග මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වූහ.