වරාය සහ නාවික සේවා ගැන පාසල් සිසුන් දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහන තවදුරටත්.

වරාය සහ නාවික සේවා සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහනේ තවත් පියවරක් 24 වැනිදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේදී පැවැත්විණ. ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්  නියෝජනය කරමින් ඊට සහභාගි වූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංඛ්‍යාව 250කට අධික වේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුහුණු දේශකයින් විසින් එහි දේශන පැවැත්විණ. මෙම සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වරායෙහි නිරීක්ෂණ චාරිකාවක ද යෙදුණි. වැඩසටහන සහභාගි වූ සියලු දෙනාටම සහතික පත්‍ර ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණ.