වෙලඳ නාවික කෙෂත්‍රයට තරුණ තරුණියන් ආකර්ශනය කරගත යුතුයි - වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය

වෙලඳ නාවික කේෂත්‍රයේ  රැකියා අවස්ථා සදහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ආකර්ශනය කර ගත යුතු වන අතර ඒ සඳහා රජයෙන් විශේෂිත වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ලෝක සමුද්‍රීය දිනය නිමිත්තෙන් පසුගිය 16 දින වෙලඳ නාවික ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද කොලඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයකදී  අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.

අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ නාවික කෙෂත්‍රය ඉතා ගෞරවනීය රැකියාවක් බවත් ඒ සඳහා යොමු කිරීමට තරුණ තරුණියන්ගේ ආකල්පමය වෙනසක් ඇති කල යුතු බවයි.

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව නාවික කේෂත්‍රය මේ රටේ ප්‍රධාන ව්‍යවසායකයා බවට පත්කිරීමට අවස්ථාව තිබෙන නමුත් නාවික කෙෂත්‍රෙය් දැනුම, කුසලතාව සහ ආකල්පයන්ගෙන් සන්නද්ධ පිරිසක් මේ සඳහා අවශ්‍ය බව අමාත්‍යවරයා පැවසීය.

“හරිත නාවික ගමනාගමනය සඳහා නව තාක්ෂණයන් යන්න” මෙවර ලෝක සමුද්‍රීය දිනයේ තේමාව වූ අතර සමුද්‍රීය දිනය සමරමින් පුහුණුව ලද නාවිකයින් 20 දෙනෙකුට තම නාවික බල පත්‍ර ලබා දීම  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ වෙලඳ නාවිකකෙෂත්‍ර යේ නියාමන ආයතනය වන වෙලඳ නාවික ලේකම් කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබු අතර මෙම අවස්ථාවට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න, සිනෙක් කැම්පස් ආයතනයේ අධ්‍යක්ෂ කපිතාන් අජිත් පීරීස්, ලංකා නැව් නියෝජිතයන්ගේ සංගමයේ සභාපතිනි ෂෙහාරා ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු වරාය නාවින හා ගුවන් සේවා අමාත්‍යංශය යටතේ ඇති ආයතන වල ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් ස සහභාගි විය.