හම්බන්තොට ආයෝජන අවස්ථා රැසක්..

හම්බන්තොට මාගම්පුර වරායේ නව ආයෝජන අවස්ථා රැසක් දෙස් විදෙස් ආයෝජකයින්ට මේ වන විට විවෘත වී තිබේ. එම වරාය ආශ්‍රිත නව ආයෝජන කලාපය සඳහා මේ වන විට සංවර්ධනය කෙරන භූමි ප්‍රමාණය හෙක්කයාර 800කි. හම්බන්තොට වරාය ආශ්‍රිතව නැව් තටාකාංගණයක් සෑදීම සඳහා වූ ශක්‍යතා අධ්‍යනයක් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොස්කෝ ෂිප්යාර්ඩ් සමූහ සමාගම (Cosco Shipyard Group Co. LTD) සහ චයිනා හාබර් ඉන්ජිනියරින්ග් සමාගම (China Harbor Engineering co. LTD) සමග අවබෝධතා ගිවිසුමකටද එළැඹ සිටී. සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 600ක් වේ. මීට අමතරව වරායේ කෘත්‍රිම දූපත සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීම සඳහාද මේ වන විට නව ආයෝජකයින් හඳුනා ගනිමින් සිටී. එම කෘත්‍රිම දූපතේ සමස්ත භූමි ප්‍රමාණය අක්කර සියයකි.