වරාය සභාපති ලෙස දේශපාලන පත්වීමක් නැහැ - ඒ සඳහා වෘත්තීය සුදුස්සෙක් පත්කරනවා

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස දේශපාලන පත්වීමක් සිදුනොකර වෘත්තීය මට්ටමේ සුදුස්සෙකු පත්කිරීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශයේ පැවති වෘත්තිය සමිති නියෝජිත හමුවේදී අමාත්‍යවරයා අවධාරණය කළේය.

වරාය සහ නාවික ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මෙවැනි පියවරක් ගන්නා බවත් වරාය ක්ෂේත්‍රයේ ගැටළු සහගත තත්ත්වයන් පිළිබඳව වෘත්තීය සමිති නායකයින් සමග වෙන වෙනම හමුවී සාකාච්ඡා කිරීමට තමා සූදානමින් සිටින බවද එතුමා වැඩිදුරටත් එහිදී පැවසීය.