හම්බන්තොට මාගන්පුර වරාය ගිවිසුමට කැබිනට් අනුමැතිය

හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා වන මාගන්පුර වරාය ගිවිසුම වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඒ සඳහා පසුගිය අඟහරුවාදා (ජූලි 25) කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

ජූලි  26 වන බදාදා දින අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර ඒ සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය 28 වන සිකුරාදා සිදු කිරීමට නියමිතය.

ඡායාරූපයේ දැක්වෙන්නේ අදාළ ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට සහභාගී වූ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කරුණු පැහැදිලි කරන ආකාරයයි.

එම  අවස්ථාවට වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍ර‍ම දිසානායක මහතා සහභාගී විය.