වරාය වඩු කර්මාන්ත ශාලාව පුහුණු කාර්මික පාසලක් බවට...

බේරේ වැව පරිශ‍්‍රයේ පිහිටි ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතු වඩු කර්මාන්ත ශාලාව ජාතික සම්පතක් බැවින්, මෙම ස්ථානය වඩු කාර්මිකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර ඇත.

අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා (2022.09.05)  කර්මාන්ත ශාලාවේ කරන ලද නිරීක්‍ෂණ චාරිකාවකින් අනතුරුව ය.
වඩු කර්මාන්තය සඳහා අවශ්‍ය උපාංග ඇතුලූ උපකරණ මෙම කර්මාන්ත ශාලාව සතු වුවත්, ඒවායින් උපරිම ප‍්‍රයෝජනයක් ලබා නොගන්නා බව මෙම චාරිකාවේ දී හෙළි වි ඇත.

එහෙයින් මෙම වඩු කර්මාන්ත ශාලාව, වඩු කාර්මිකයින් පුහුණු කරන කාර්මික පාසැලක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් සකසන ලෙස අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර සහ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අලගේවත්තගේ යන මහත්වරුන්ට  අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.