ගරු අමාත්‍යතුමාගේ 2020-08-25 දින කොළඹ වරාය පිරිශ්‍රයේ නිරික්ෂනය

අතිගරු ජනාධිපති තුමන් ප්‍රමුඛ රජයේ සෞභාග්‍යයේ දැක්ම මතින් ආර්ථික සංවර්ධනයේ නව මං පෙත් විවර කරමින් කලාපීය නාවික ගමනාගමනයේ කේන්ද්‍රස්ථානය බවට කොළඹ වරාය පත් කිරීමේ දැවැන්ත ක්‍රියාවලිය තුල එහි වත්මන් තත්වය පිළිබදව සොයා බැලිම සදහා 2020-08-25 දින ගරු අමාත්‍යතුමා කොළඹ වරාය පිරිශ්‍රයේ නිරික්ෂනයක යෙදිනි. එහිදි නැගෙනහිර බහාලුම් පර්‍යන්තය හා ජය බහාලුම් පර්යන්තයේ වර්තමාන තත්වය නිරීක්ෂණය කෙරෙහි විශේෂ අවධානය යොමු විය. මේ අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගරු සභාපති ජෙනරාල් දයා රත්නායක මැතිතුමන් ඇතුලු ජේෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී විය.