වරාය අධිකාරියේ සේවා සැපයුම් වැඩිදියුණු කිරීම සම්බන්ධව විශේෂ රැස්වීමක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සදහා යෝජිත සේවා සැපයුම් මධ්‍යස්ථානයක් (Logistic Hub) ස්ථාපිත කිරීම වෙනුවෙන් බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු අක්කර 4 ක ප්‍රමාණය හා නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 1.5ක ඉඩම් ප්‍රමාණය යොදා ගනිමින් අදාල සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් 2020.06.12 දින ගරු වරාය හා නාවික අමාත්‍ය, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් හා වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම්, අමාත්‍යාංශයීය නිලධාරීන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිතුමා හා එහි නිලධාරීන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා හා එහි නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශයිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය මගින් ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදිය හැකි බවද ගරු අමාත්‍යතුමා විසින් එහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.