ස්පියොන්කෝප් යුද නෞකාව කොළඹ වරායට......

1994 වර්ෂයේ දකුණු අප්‍රිකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත්වීමෙන් පසු එම රටෙන් කොළඹ වරායට පළමු වරට යුදමය නෞකාවක් සේන්දු වෙයි. දකුණු අප්‍රිකානු නාවික හමුදාවට අයත් එම “ස්පියොන්කොප්” යුදමය නෞකාව පෙබරවාරි 12 වැනි දින කොළඹ වරායට සේන්දු වීමට නියමිතය. නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙනු ඇත. මෙම නෞකාවේ පැමිණීම ඓතිහාසික වශයෙන් වැදගත් අවස්ථාවක් ලෙස සනිටුහන් කෙරේ.