ඉන්දියානු කලාපීය සාගරයේ ආරක්ෂාව ගැන ශ්‍රී ලංකා - පාකිස්ථාන සාකච්ඡා.

ඉන්දියානු කලාපයේ සාගර ආරක්ෂාව සම්බන්ධව ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නැව් සංස්ථාවේදී පැවැත්විණ. ඊයේ පැවැති එම සාකච්ඡාවට පාකිස්ථානය නියෝජනය කරමින් සහභාගි වූයේ ඉන්දියානු කලාපයේ සාගර ආරක්ෂාව සම්බන්ධව පිහිටුවා ඇති විශේෂ කාර්ය සාධක ඒකකයේ ප්‍රධාන අණදෙන නිලධාරී සහීඩි ඉලායස් මහතායි. ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ සභාපති ශෂී ධනතුංග මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි විය.

පාකිස්ථානය, ඉන්දියානු කලාපයේ සාගර ආරක්ෂාව සම්බන්ධව විශේෂ කාර්ය සාධක ඒකකය පිහිටුවා ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස 15 වන දින සිටයි. එම ඒකකයේ ප්‍රධාන අණදෙන නිලධාරීයා සහීඩි ඉලායස් මහතා. දෙදින නිල සංචාරයක් සඳහා පසුගිය 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියේය. සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් ස්වකීය අරමුණු සහ පකිස්ථාන රජයේ මැදිහත්වීම පෙන්වාදීම මෙම සංචාරයේ අරමුණ වේ. ඉන්දීය කලාපයේ සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තත්ත්වය සහ ඉදිරියේදී ඒ සඳහා ගතයුතු පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කරමින් රටවල් දෙකේ නියෝජිතයින් අතර සිහිවටන හුවමාරු කරගැනීමද සිදුවිය.