වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා වරාය නිරීක්ෂණ චාරිකාවක.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මැතිතුමා අද (28) දින කොළඹ වරාය නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී එතුමා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සභාපති කාර්යාලය, හාබර් මාස්ටර් කාර්යාලය (Harbor Master Office), Pilot Station, ජයබහළු පර්යන්තයේ පරිපාලන ගොඩනැගිල්ල (JCT Administration Building) යනාදී ස්ථාන රැසක් නිරීක්ෂණය කළේය.

එම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කලමණාකාර අධ්‍යක්ෂක අතුල හේවාවිතාරණ,  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂක ජයන්ත පෙරේරා ඇතුළු විධායක ශ්‍රේණියේ නිළධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් රාශියක් සහභාගී විය.