ගින්නෙන් විනාශ වූ කොළඹ වරායේ CFS 1 ගුදම නැවත විවෘත කෙරේ

ගින්නෙන් විනාශ වූ කොළඹ වරායේ CFS 1 ගුදම නැවත ගොඩනගා විවෘත කිරීමට කටයුතු කළ අතර මෙමගින් නැව් බඩු ගබඩා කිරීමට තිබූ අපහසුතා මගහරිමින් ජය බහලු පර්යන්තයේ මෙහෙයුම් පුළුල් කිරීමට අවස්ථාවක් සලසා ගැනීමට හැකිවිය.

ඡායාරූපයේ දැක්වෙන්නේ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් අලුතින් ගොඩනගන ලද  CFS 1 ගුදමේ වැඩ ඇරඹීම සඳහා කරන සංඥාව නිකුත් කරන මෙහොතයි.

මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යංශයේ ලේකම් එල්.පී. ජයම්පති,  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියෝජ්‍ය සභාපති පී.ජී. දසනායක, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කලමනාකාර අධ්‍යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු විශාල සේවක පිරිසක්ද සහභාගී විය.